අඟහරුවාදා, 28 මාර්තු 2023 14:01

ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 6දෙනෙකු ජීවිතක්ෂයට Featured

ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය පිරිස් අතරට වයස අවුරුදු 9ක් වන කුඩා දරුවන් තිදෙනෙකු හා වැඩිහිටියන් තිදෙනෙකු ද ඇතුලත්. වෙඩි තැබීම සිදු කළ 28 හැවිරිදි කාන්තාව පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය වෙඩි තබමින් පාසලට ඇතුළු වී අනතුරුව එහි ගොඩනැගිල්ලක් තුලට පැමිණ ඇති බව පොලිසිය සදහන් කරනවා. පසුව පොලිසිය එම ගොඩනැගිල්ල තුලදී ඇයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඇය එම පාසලේම ආදී ශිෂ්‍යාවක බවටයි සැක කෙරෙන්නේ.

මෙම වෙඩි තැබීමත් සමග ඇමෙරිකාවේ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් යළිත් දැඩි කතාබහක් මතුව තිබෙනවා.

usa 1

usa 2

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website