බදාදා, 29 මාර්තු 2023 08:32

රාහුල් ගාන්ධිට නිල නිවසත් අහිමි වෙයි Featured

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කළ වරදට වසර දෙකක සිර දඬුවමක් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අසුනත් අහිමි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන්න ඉවත් වන ලෙසත් දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ලෝක් සභා මහලේකම්වරයා පසුගියදා රාහුල් ගාන්ධිට ලිපියක් යොමු කරමින් ඔහු දැනට පදිංචිව සිටින මන්ත්‍රී නි‌ෙවසින් ඉවත් වීමට මාසයක කාලයක් ලබා දී ඇති අතර, අප්‍රේල් මස 22 වැනිදා වන විට ඔහු එම නි‌ෙවස නැවත භාර දිය යුතුව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

රාහුල් ගාන්ධිගේ අධිකරණ තීන්දුවට සහ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව මේ වන විට ඉන්දීය කොන්ග්‍රසය විරෝධතාවක නිරත වන අතර, එහි නායක මල්ලිකාර්ජුන් කාගි ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම මන්ත්‍රීවරයකුට නිල නිවෙස භාර දීමට මාස කිහිපයක කාලසීමාවක් ලබා දෙන බැවින් රාහුල් ගාන්ධිට පමණක් එම කාලසීමාව මාසයකට සීමා කිරීම කනගාටුදායක තත්ත්වයක් බවය.

 

Vactate BanglowRahul Gandhi's MP official residence in India

දිණමින

336 x 200 Sinhala

Business News

පලතුරු මිල පහළට.....

අප්‍රේල් 06 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website