අඟහරුවාදා, 04 අප්‍රේල් 2023 09:47

ඇමරිකානු ඉතිහාසය අලුත් කරමින් ට්‍රම්ප් අද අධිකරණයට Featured

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබෙයි

එම අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහු අද (4) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස සැලකෙයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website