සදුදා, 03 අප්‍රේල් 2023 09:34

සාම්ප්‍රදායික චීන වෛද්‍ය කඳවුරක් යුක්රේනයේ විරෝධය මැද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට Featured

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමි වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මාසිකව රටින් රටට පිරිනැමෙන ක්‍රමවේදයට අනුව අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවූ බවය.

එසේ වුවද යුද අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයකු පිළිගැනීමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් යුක්රේනය ඊට දැඩි විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ.

යුක්රේනයේ විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කළ රුසියාවට අප්‍රේල් පළමුවැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය පිරිනැමීම ‘ලොව නරකම අප්‍රේල් මෝඩයාගේ විහිළුව’ බවය. එසේ වුවද සාමාජික රටවල් 15කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු වන රුසියාවට එහි පිළිවෙතට අනුව මේ මසදී සභාපති ධුරය පිරිනැමීම වැළැක්විය නොහැකි බව ද වාර්තා වේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර 2022 පෙබරවාරි මාසයේදී රුසියාව අවසන් වරට ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරයට පත් විය. ආරක්ෂක කවුන්සිලයේ සභාපතිවරයා මධ්‍යස්ථව සිටිය යුතු වුවද රුසියාවට සිය නව භූමිකාව තුළ යුක්රේනය පිළිබඳ කෙසේ කටයුතු කරන්නේදැයි ජාත්‍යන්තර අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වේ.

 

DINAMINA

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website