ඉරිදා, 30 අප්‍රේල් 2023 22:11

මුහුදු තීරයකින් පුද්ගල මළසිරුරු 200ක් හමු වෙයි . . . Featured

නීතිවිරෝධී ලෙස අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කිරීමේ දී මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කෙලේ, ගත වූ දින 10 ක කාලය තුළ පමණක් ටියුනීසියාව ආසන්න මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන ඇති බව ය.

මේ හේතුවෙන් ටියුනීසියානු මෘත ශරීරාගාරවල ඉඩකඩ ඇහිරෙමින් පවතිනයි. නීතිවිරෝධී සංක්‍රමණ නවතා දැමීමට තම ආරක්ෂක අංශ උපරිම උත්සහයක නිරතවන බව ටියුනීසියානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර ටියුනීසියානු වෙරළ තීරයේ කොටසක් ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා සිට කිලෝමීටර 150 ක් පමණ දුරින් පිහිටා ඇත.

කෙසේවෙතත්, ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල සිට යුරෝපා රටවලට පලායන සංක්‍රමණිකයන් අනාරක්ෂිත ලෙස යාත්‍රාවලින් මේ හරහා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

cse

Janamina

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website