සදුදා, 01 මැයි 2023 21:06

රුසියාවේ විශාලම බෞද්ධ ආරාමය සයිබීරියාවේදී විවෘත වේ Featured

රුසියාවේ විශාලතම බෞද්ධ ආරාමය සයිබීරියාවේ ටුවා පළාතේදී විවෘත විය. ටුවා යනු රුසියාවට අයත් ජනරජයකි.

මෙම ආරාමය මධ්‍යම ආසියානු කලාපය පුරා බෞද්ධාගමේ ආකර්ෂණය සහ සංවර්ධනයේ ස්ථානයක් බවට පත්වනු ඇති බව රුසියානු මාධ්‍ය කියයි. මෙය ටිබෙට් ආරාමයකි.

මීටර් 56 ක් උසැති මෙම ආරාමය මහල් 12 කින් සමන්විත වන අතර එහි මීටර් 10 ක බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබේ. විහාර සංකීර්ණයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 9.3කි. මේ ආරාමය විවෘත කිරීම පසුගිය 28 වැනිදා සිදු විය.

 

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website