සදුදා, 08 මැයි 2023 20:41

ඉන්දියාවේ බෝට්ටු අනතුරක් - 22ක් මරුට - වීඩියෝ Featured

ඉන්දියාවේ නැගෙනහිර කේරළයේ සිදු වූ බෝට්ටු අනතුරකින් විසිදෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

මලප්පුරම් හි ටනූර් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මගීන් 40 ක් පමණ රැගත් සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මෙය සිදුව ඇතැයි ඉන්දීම මාධ්‍ය වාර්තා කරයි. තවත් පුද්ගලයින් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

මිය ගිය පිරිසෙන් වැඩි ප‍්‍රමාණයක් සති අන්ත නිවාඩුවේ දී විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමුන් සහ ඔවුන්ගේ මව්වරුන් බව සදහන් වේ.

තවත් පිරිසක් බෝට්ටුවට යටවී ඇතැයි විශ්වාස කෙරේ. පෙරළුණු බෝට්ටුව ගොඩබිමට ගෙන ඒමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකය. රාත්‍රී 7 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි. එහෙත් අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් ලක්ෂ 02 බැගින් වන්දි ලබා දෙන බව ප‍්‍රකාශ කර තිබේ.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website