බ්‍රහස්පතින්දා, 11 මැයි 2023 22:03

ඉම්රාන් නිදහස් කරන්න: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග Featured

ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ දින (11) නියෝග කළේය.

ඉම්රාන් වහා නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි.

පසුගිය 9 වැනිදා හිටපු අග්රා මාත්යයවරයා ඉස්ලාමාබාද් මහාධිකරණය පැමිණියේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්භන්ධයෙන් පැවැති නඩුවකට පෙනී සිටීමටය.

එම අවස්ථාවේ, අධිකරණ භූමියට පැමිණ සිටි පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක්, පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශයේ මෙහෙයවීම යටතේ, ඉම්රාන් අත්ඩඅංගුවට ගත්තේ තවත් දූෂණ චෝදනා කීපයක් සම්බන්ධයෙනි.

පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය ඊයේ දින (11) ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේ ඉම්රාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවය.

හිටපු අග්රාගමාත්යි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලක් ඇරැඹිණි.
ආරක්ෂක අංශ සමඟ ගැටුණු ඉම්රාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂ සාමාජිකයන් අට දෙනකු එම ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් වුණු බවත් 1000 කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගැණුනු බවත් වාර්තා වෙයි. ආරක්ෂක අංශ සමඟ ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 2000 කට ආසන්නය.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website