සිකුරාදා, 12 මැයි 2023 20:14

ඉම්රාන්ගේ ආධාරකරුවෝ 1400ක් අත්අඩංගුවට Featured

ලුතිනන් ජෙනරාල්ගේ නිවසට පැන සුරතල් සතුන් පැහැරගෙන

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දක්වා පාකිස්තානයේ සියලු නගරවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හේතුවෙන් ඔහුගේ ආධාරකරුවෝ 1400කට වැඩි පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පොලිසිය සහ හමුදාව සමඟ ගැටුමට මැදි වූ සිවිල් වැසියන් අට දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා ඉම්රාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානය පුරා පැතිරී ගිය විරෝධතාවට දහස් සංඛ්‍යාත ජනතාව එක්වී සිටින බවත්, ඔවුන් පොලිසියට සහ හමුදාවට පහර දෙන බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. පොලිස් හා හමුදා වාහන සහ මුරපොළ රැසක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කරනු ලැබු බව වාර්තා වේ. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් ලාහෝර් නුවර පිහිටි හමුදා සේනාංක භාර ලුතිනන් ජෙනරාල්වරයාගේ නිල නිවසට කඩා පැන එහි තිබූ බඩු භාණ්ඩ කොල්ලකෑ බවට ද තොරතුරු වාර්තා වේ. ලුතිනන් ජෙනරාල්වරයාගේ නිල නිවසේ සුරතල් සතුන් අතර සිටි සුදු මොනරුන් කිහිපදෙනකු විරෝධතාකරුවන් රැගෙන ගොස් ඇති අතර, ආහාර, බීම වර්ග සහ වෙනත් බඩු භාණ්ඩ රැසක් ද කොල්ලකෑමට ලක්වී ඇතැයි වාර්තා වේ.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website