සෙනසුරාදා, 13 මැයි 2023 22:04

ප්‍රංශ ජනපතිට පාන් හදන්න ශ්‍රී ලාංකිකෙයකුට අවස්ථාව Featured

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික "Grand Prix dela Baguette de Traditional Francaise de la Ville De Paris" ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා. 
ඒ ශ්‍රී ලංකා‌වේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් බවයි සඳහන් වන්නේ.
 
බෑගට් (bhagat bread) යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිෂ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකියි. 
 
මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18 ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුම ඉදිරිපත් කළ යුතු වනවා. 
 
ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් සෙල්වරාජාව තෝරාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000 ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බෑගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබීම විශේෂත්වයක්.
 
හොඳම බෑගට් සෑදීමේ රහස කුමක්දැයි සෙල්වරාජාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පවසා තිබුණේ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි. 
 
" මා ජයග්‍රහණය කළ විට මට ඇඩුනා... අපි විදේශිකයින් ලෙස ඇවිත් ්තමයි මේ සම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්තේ. මේක මගේ ජීවිතයේ සතුටුම දවසක්. මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් තියෙනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්, හැම විටම සතුටින් ගායනා කරමින්.
 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website