සිකුරාදා, 19 මැයි 2023 10:07

නිව්යෝක් නුවර පැපරාසියෝ හැරී-මේගන් යුවළ පැය 2ක් පුරා හඹා යති Featured

අනතුරකට ලක්වීමේ අවස්ථා කිහිපයකටත් මුහුණ දීලා

හැරී කුමරු, මේගන් කුමරිය සහ ඇගේ මව අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අනතුරුදායක හඹා යෑමකට හසු වූ බව කුමරුගේ ප්‍රකාශකයකු පැවැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිව්යෝක් නුවර පැවැති සම්මාන ප්‍රදාන උත්සවයකට සහභාගි වී ආපසු යමින් සිටියදී එය සිදු වී ඇති අතර, පැය දෙකකට ආසන්න කාලයක් පැපරාසි ඡායාරූප ශිල්පීන් මෝටර් රථ 6කින් හැරී යුවළ ගමන් ගත් මෝටර් රථය හඹා ගොස් ඇaතැයි ද වාර්තා වේ.

පැපරාසීන්ගෙන් බේරීමට හැරී යුවළ ගමන් ගත් මෝටර් රථයේ රියැදුරු අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, අනතුරකට ලක්වීමේ අවස්ථා කිහිපයකට ද මුහුණ දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මාර්ග සංඥා නොතකමින් හැරී යුවල හඹා ගිය එම පැපරාසී මෝටර් රථ පදික වේදිකාව මතින් ද ධාවනය වී ඇති අතර, ඔවුන්ගෙන් බේරීමට යුවළ සමත් වී ඇත්තේ මැන් හැට්න් පොලිසිය වෙත යෑමෙන් පසුවය. අනතුරුව ඔවුන් ආරක්ෂක නිලධාරියා සමඟ කුලි මෝටර් රථයකින් සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ. එම කුලී රථය හඳුනාගත් පැපරාසි ඡායාරූප ශිල්පින් එම රථය ද හඹා ගොස් ඇති අතර, රාජකීය යුවළ දැඩි භීතියට පත්ව සිටි බව කුලී රථයේ රියැදුරු පසුව ප්‍රකාශ කර තිබේ.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website