අඟහරුවාදා, 23 මැයි 2023 11:29

අනතුරට පත් චීන නෞකාවේ 7 කගේ සිරුරු හමුවෙයි Featured

ඉන්දීය සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් හත් දෙනකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.

මුහුදේ ගිලුණු නෞකාවේ කුටියේ තිබී නාවිකයන් හත් දෙනාගේ සිරුරු ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සොයාගෙන තිබේ.ධීවර යාත්‍රාව අනතුරට පත් වී පෙරැළී යද්දී 39 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සිට ඇත.නෞකාවේ කාර්ය මණ්ඩලයට චීන නාවිකයන් 17 දෙනකු, ඉන්දුනීසියානු නාවිකයන් 17 දෙනකු සහ පිලිපීන නාවිකයන් පස් දෙනකු අයත් වී තිබේ.

ලූපෙන්ග් යුවාන්යු 028 බහු කාර්ය ධීවර යාත්‍රාව පසුගිය 16 වැනිදා ඉන්දියන් සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගියේය.ලූපෙන්ග් ධීවර යාත්‍රාව පෙරැළී ගිලී යාමෙන් අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනා සෙවීම සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් එකතු විය.

සුන්බුන් වූ යාත්‍රාව සෙමෙන් නැගෙනහිර දෙසට ඇදී යන බවත් ධීවර යාත්‍රාව අනතුරට පත් වූ ප්‍රදේශයේ තවත් නෞකා 13 ක් යාත්‍රා කරමින් තිබෙන බවත් චීන මාධ්‍ය වාර්තා කර ඇත.

 

විමුක්ති එස් රුද්‍රිගු

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website