ඉරිදා, 04 ජූනි 2023 10:09

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට Featured

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.

ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත්තේ රටවල් 193ක ඒකමතික තීරනයකිනි.


ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 21ක් මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති තනතුර සඳහා තොරා පත්කරගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website