සෙනසුරාදා, 10 ජූනි 2023 10:57

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි Featured

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය පැවති සමයේදී එරට කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක් වුනා.

ඔහුට එල්ල වූ චෝදනාව අනුව එරට පාර්ලිමේන්තුව පරීක්ෂණයක් ද කර ඇති අතර, එම පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු බොරිස් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

බොරිස් ජොන්සන් 2019-2022 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය දූරයේ කටයුතු කරනු ලැබුවා.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website