බ්‍රහස්පතින්දා, 15 ජූනි 2023 11:08

ග්‍රීසියේ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇත. Featured

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තවත් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය පවසා සිටියි. මේ වන විට සියයකට අධික පිරිසක් බේරාගෙන ඇති බව ග්‍රීක වාර්තා සදහන් කරයි.


ග්‍රීසියේ පයිලෝස් නගරයට නිරිත දිග ප්‍රදේශයේ කිලෝමීටර් 80 ක් දුරින් මුහුදේ දී බෝට්ටුව පෙරලී තිබේ. ඒ අනුව මධ්‍යධරණී මුහුදේ ගැඹුරුම” ස්ථානයකදී මෙම අනතුර සිදුව ඇත. අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුව ගමන් කරමින් සිට ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාවේය.

කෙසේ වෙතත් ඒ වෙත ළගා වූ ග්‍රීක මුහුදු ආරක්ෂකයන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි. ඔවුන් ගොඩබිමට රැගෙන ඒම තවදුරටත් සිදුවේ.

මෙය ග්‍රීක ඉතිහාසයේ සිදු වූ දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර වන අතර දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website