සෙනසුරාදා, 17 ජූනි 2023 10:39

න්‍යෂ්ටික අවි ස්ථාන ගත කර ඇතැයි පුටින්ගෙන් ප්‍රකාශයක් Featured

රුසියාව, බෙලරුස් රාජ්‍යයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත.



රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපතිවරයා පසුගියදා පැවැති සංසදයක දී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ කථිකාවතකින් පසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

බෙලරුස් රාජ්‍යය ප්‍රධානවහයෙන්ම රුසියානු මිත්‍ර රාජ්‍යයක් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පුටින්ගේ පූර්ණ පරිමාණ යුක්රේනය ආක්‍රමණය දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද බෙලරුස් කටයුතු කර තිබුනි.

කෙසේ නමුත් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙමිලිනය න්‍යෂ්ටික අවි (Kremlin plans) භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ද එක්සත් ජනපද රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියානු න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය.

 

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website