සිකුරාදා, 23 ජූනි 2023 10:43

ලොවම කැළඹ වූ ‘ටයිටන්‘ට කනගාටුදායක අවසානයක් Featured

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සදහන් කරයි.

එසේම එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.


ඔවුන් මේ බව පැවසුවේ දින පහක් තිස්සේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින් සාගර පත්ලේ දී ටයිටන් සබ්මර්සිබල් යානයේ වලිගය වැනි කොටස සහ අනෙකුත් සුන්බුන් කොටස් පහක් සොයා ගැනීමෙන් පසුවය.

මේ අතර ජීවිතක්ෂට පත්වූවා යැයි විශ්වාස කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු සොයාගැනීමට සහ ගොඩබිමට ගෙන ඒමට නොහැකි වී තිබෙන අතර, ඊට හේතුව වශයෙන් සඳහන් කර සිටින්නේ, අදාළ අනතුර සිදුවුවා යැයි සැලකෙන ප්‍රදේශයට ප්‍රවේශ වීමේ ඇති අපහසුතාව නිසාය.


මෙම සිද්ධියෙන් මිය ගියේ Ocean Gate ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන හමීෂ් හාර්ඩින්, 77 හැවිරිදි ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල් හෙන්රි, 48 හැවිරිදි පාකිස්තාන කෝටිපති ව්‍යාපාරික ෂසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා සුලෙයිමාන් ඩාවුඩ් යන අයයි.

ඒ සමඟ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇත.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website