සෙනසුරාදා, 24 ජූනි 2023 09:48

ලොවම හැඬවු ඛේදවාචකය – ටයිටන් කඳුළින් නිමවේ Featured

  • පස්දෙනාම ශෝචනීය ලෙස මිය ගිහින්
  • ටයිටැනික් සුන්බුන්වලට අඩි 1600ක් දුරින් විපත්තිය සිදුවෙලා
  •  ව්‍යසනකාරී පිපිරීමට ලක්වෙලා

ටයිටැනික් සංචාරක ටයිටන් සබ්මැරීනයේ ගමන ඛේදවාචකයකින් අවසන් විය. ඉකුත් ඉරිදා පෙරවරුවේ මේ ගමනට සහභාගි වූ පස්දෙනා කිසිවිටකත් මේ ඔවුනගේ ඉරණම් ගමන යැයි නොසිතන්නට ඇත. එහෙත් නොසිතූ විපතක් සිදුවිය.

මෙම සබ්මැරීනයේ අයිතිකාර සමාගම වන ඕෂන්ගේට් පවසන්නේ සෙවුම් ක්‍රියාත්මක ප්‍රදේශයෙන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමෙන් පසු යානයේ සිටි පුද්ගලයන් පස් දෙනා ‘කනගාටුදායක ලෙස මිය ගොස් ඇති’ බවට තමන් විශ්වාස කරන බවයි.

මෙසේ මියගොස් තිබෙන්නේ බි්‍රතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයකු වන හේමිෂ් හාඩින්ග් (58), බි්‍රතාන්‍ය-පාකිස්ථාන ජාතික පිය පුතු දෙපළක් වන ෂෙහෙසාදා ඩාවූඩ් (48) හා සුලේමාන් ඩාවූඩ් (19), සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල්-ඕන්රි නාජලෙට් (77) හා ඕෂන්ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (61) ය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ සොයාගත් සුන්බුන් අනුව මේ සබ්මැරීනය ‘ව්‍යසනකාරී පිපිරීමකට’ ලක්ව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් ජෝන් මෝගර් කියා සිටියේ ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600 ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනයේ කොටස් හමු වූ බවයි.

රියර් අද්මිරාල්වරයා පවසන්නේ ඇදහිය නොහැකි තරම් සංකීර්ණ පරිසරයක මෙය සිදුව ඇති බැවින් මගීන්ගේ සිරුරු ගොඩගැනීමට හැකි ද යන්න තහවුරු කළ නොහැකි බවයි.

මෙම සබ්මැරීනයේ ගමන, එනම් මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000ක් විය.

ඕෂන්ගේට් සමාගම සතු සබ්මර්සිබල් යාත්‍රා තුනක් ගැන එම සමාගමේ වෙබ් අඩවියෙහි සඳහන් ය. නමුත් ටයිටැනික් සුන්බුන් තැන්පත්ව පවතින ගැඹුර වෙත කිමිදීමට සමත් එකම යාත්‍රාව ‘ටයිටන්’ ය. විපතට ලක්වූයේ එයයි. මගීන් අදාළ යාත්‍රාව තුළට ඇතුළුවීමෙන් පසු පිටතින් බෝල්ට් ඇණ සවිකර යාත්‍රාව ‘සීල් කෙරේ.

lkjhg

මුහුද යට සිදුවූ ව්‍යසනකාරී පිපිරීමක් නිසා මේ පස්දෙනා එකවරම මිය ගොස් තිබේ.

ටයිටන් සබ්මැරීනය ගොඩබිම සමග සම්බන්ධතා නැති වී ටික වේලාවකට පසුව ‘පිපිරීමකට අනුරූප වන ධ්වනි විෂමතාවක්’ ඔවුන්ගේ උපකරණවල සටහන් වූ බව, නාවික හමුදාවේ නිලධාරියෙක් සීබීඑස් ප්‍රවෘත්ති වෙත පවසා තිබේ.

අතුරුදන්ව සිටින ස්ටොකන් රෂ් ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට සංචාරකයන් රැගෙන යෑමට කටයුතු කරන ‘ඕෂන් ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උප සභාපතිවරයා ද වේ. හේමිෂ් හාඩින් ඇක්ෂන් ඒවියේෂන් ගුවන් සමාගමේ ප්‍රධානියා ද වේ. ෂෙහේ සාදා දාවුද් එන්ග්‍රෝ සමාගමේ උප සභාපතිවරයාය. ඔහුගේ පුතු සුලෙයිමාන් ද ඛේදවාචකයට ගොදුරුවී තිබේ. දාවුද් පකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website