ඉරිදා, 25 ජූනි 2023 09:55

මොස්කව් ඇල්ලීම නවතී – වැග්නර් හමුදාව පසුබසී Featured

ලේ වැගිරීම වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම ආපසු හැරී යන බව වැග්නර් හමුදා ප්‍රධානියා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජුනි 23 වැනිදා මෙම ගමන ආරම්භ කර මොස්කව් සිට කිලෝමීටර් 200කට ආසන්න දුරක් දක්වා පැමිණි බවයි. එම කාලය තුළ කිසිදු රුසියානුවකුගේ ලේ බිඳක්වත් වැගිරීමට ඉඩ නොතැබූ බවත් ඔහු සඳහන් කර තිබේ.


වැග්නර් ප්‍රධානියා සිය Telegram නාලිකාවේ ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු අගනුවර දක්වා යන සිය ගමන නවත්වන බවයි.

රුසියානු මාධ්‍ය නාලිකාවන්ට අනුව බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැග්නර් ප්‍රධානියා මෙම තීරණයට පැමිණ තිබේ.

ඊයේ දිනයේ ජනතාව ඇමතු රුසියන් ජනපති තම රට හමුදා කැරැල්ලකට මුහුණ දෙමින් ඇති බවත් එහෙත් රටේ සිවිල් යුධ තත්වයක් ඇති නොවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

මේ තත්වය මත මොස්කොව් අගනුවර ජනතාවට නිවසින් බැහැරට යාමෙන් හා වාහන භාවිතයෙන් වලකින ලෙස ද දැනුම් දී තිබුණි. එසේම මොස්කොව් නගරයේ මහජනතාවගේ ඒකරාශී වීම උත්සව තවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබුණි.

එසේම මොස්කොව් නගරාධිපතිවරයා පවසන්නේ එළඹෙන සදුදා දින නිවාඩු දිනයක් බවට පත් කර ඇති බවයි. අත්‍යවශ්‍ය හේතුවක් හැර මොස්කොව් නගරයට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවට දැනුම් දුන් අතර, රුසියන් හමුදාවන් මොස්කොව් නගරයේ ආරක්ෂාව තර කරමින් මුරකාවල් දැඩි කරනු ලැබුවේ වැග්නර් ආක්‍රමණයක් සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහායි.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website