බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 13:05

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව කැසැන්ඩ්‍රා ඇවිත් Featured

ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නියෝජිතයා වන 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි.

කුඩා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු ඇය උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු දිග මෙල්බර්න් නුවර ඩැන්ඩිනොං ප්‍රදේශයේ හැදී වැඩුනු අතර විලියම් ඇන්ග්ලිස් අධ්‍යාපන ආයතනය සහ බොක්ස් හිල් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබුවාය. ඩැන්ඩිනොං ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ලෝක ප්‍රකට වූල්වර්ත් සුපිරි වෙළෙඳ සැල් පේස්ටි්‍ර සූපවේදිනියක ලෙස මෙන්ම තවත් විවිධ අංශ ගණනාවක වසර 15ක් සේවය කළ ඇය එරට සිල්ලර හා ක්‍ෂණික ආහාර කර්මාන්තයේ නිරත සේවක සේවිකාවන් නියෝජනය කරමින් දේශපාලනයට එක් වූවාය. දේශපාලනයට පිවිසීමට පෙර ඇය ඉංග්‍රීසි බස හසුරුවීමට අසමත් පසුබිමකින් ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට ස්වෙච්ඡාවෙන්ම සම්බන්ධවී දැනුමක් සහ අවබෝධයක් ලබාදීමට ඉදිරිපත් වු අතර කොවිඩ් වංසගත සමය පුරා කඩිසරව වැඩ කටයුතු කළ කම්කරුවන්ගේ වැටුප් සහ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට සිය හඬ අවදි කර තිබේ.

වෙහෙස මහන්සි වී කටයුතු කිරීම කැපවීම සහ කෘතඥවීම සිය ජීවිතයේ පරමාදර්ශ සේ ගත් ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය සඳහා නිරතුරුවම කැපවූ අභියෝග ජයගත් දිරිය කාන්තාවකි.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website