හිතවතෙකුගේ සටහනක් උපුටමින් හා ඊට එකග වෙමින් තම සමාජ ජාල ගිණුම ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම රාජ්‍ය ආයතනයක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් එවා තිබෙන සටහනකි.සජබ මන්ත්‍රීවරයෙකු පුවත්පතකට කර ඇති ප්‍රකාශයකට පිළිතුරු ලෙස මෙම සටහන ලියා තිබේ. එය ඒ ආකාරයෙන්ම පළ කරමි.
කියුබාවෙ තෙල් ගැසීමට පෝලිම් තිබේ යයිද එය ඒ රටේ දේශපාලන ක්‍රමවේදය නිසා යයි කීම සාවද්‍යය වන අතර එය හිතාමතාම පාඨකයන් නොමඟ යැවීමට දරණ උත්සාහයකි. කියුබාවට එරෙහිව අවුරුදු 60 කට වැඩි කාලයක් පවත්වාගෙන යන දැඩි ඇමරිකානු අර්ථික සම්බාධක හා ට්‍රම්ප් සමයේ තවත් තදකළ සම්බාධක රටේ සැබෑ දියුණුවට බොහොසෙයින් බලපා තිබේ. කියුබාවට නැවක් පැමිණියහොත් එම නැවෙ ආරක්ෂණ සහතික අමරිකාව විසින් අවලංගුකරයි. එම නැව්වලට අමරිකානු වරාය වලට පිවිසීම තහනම් තරයි. කියුබාව සමඟ ගනුදෙනු කරන්නාවූ රට වලටද අමරිකාව තර්ජනය කරයි. ඒ ගැන නොකියා නිකම්ම කියුබාව ගැන මනස්ගාත ලිවීම බුද්ධිගෝචර නොවේ.
ඊළඟට කියුබාවෙ තෙල් අර්බුධයට හේතුව රටේ බංකොලොත් භාවය නොවේ. කියුබාවෙ තෙල් අවශ්‍යතාවයෙන් අඩක්ම ඔවුන්ගේම තෙල් නිධි වලින් සපුරා ගන්නා අතර ප්‍රශ්නය පැන නැඟීමට එක් හේතුවක් වන්නේ තෙල් වලට මුදල් ගෙවා තිබියදීත් සැපයුම් කරුවන්ගේ ප්‍රමාදය නිසා බොර තෙල් නොලැබී යාමකි. දෙවැන්න යුක්‍රේන යුද්ධය හා ඔපෙක් රටවල් බොර තෙල් නිෂ්පාදනය අඩුකිරීමයි. කියුබාවට තෙල් සපයන්නන්ගෙන් කෙනෙක් වන වෙනිසියුලාවට සම්බාධක තිබීම හා කියුබානු තෙල් පිරිපහදුවට අවශ්‍යය රසායනික ද්‍රව්‍යය හා අමතර කොටස් ලබා ගැනීමට සම්බාධක නිසා ඇති අපහසුවද බලපාන අනෙකුත් සාධකයි.
ජාත්‍යන්තර තලයේ ප්‍රශ්න කියුබාවට පමණක් සීමා නොවේ. ප්‍රංශය, බ්‍රිතාන්‍යයටත් දැඩි අර්බුධ බලපා ඇති අතර පසුගිය කාලයේ ඇමරිකාවද බංකොලොත් භාවයට ඇද වැටීමට නියමිත බව ඇමරිකානු මහ බැංකුවම පවසද්දී එම තත්වයෙන් යම්තම් බේරුණි. පසුගිය සමයේ අමෙරිකාවේ ප්‍රධාන බැංකු දෙකක් කඩාවැටී වැසී ගියේය. ඉහත දැක්වූ රටවල් සමාජවාදී දේශපාලන ආර්ථික ක්‍රමවේද අනුගමනය නොකරයි. එසේනම් ඒවායේ ආර්ථික අර්බුධ ඇත්තේ ඇයි? ඒ අතර කියුබාවට සමාන සමාජවාදී ක්‍රම අනුගමනය කරන චීනය, වියට්නාමය උදාහරණ ලෙස නොගන්නේ ඇයි? මේ ක්‍රමය තුළ ජනගහනයෙන් මිලියන 800 ක් කෙටිකලක් තුළ දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට චීනය සමත්විය. අන් කිසිම දියුණුයයි කියාගන්නා රටකට එසේ කිරීමට නොහැකිවී ඇත.
දැන් ඔය ටිකක් අසාර්ථකයයි පවසන කියුබාව දෙස බලමු.
කියුබාව යනු තවත් තුන්වන ලෝකයේ රටකි. කියුබාව දෙස වපර ඇසින් බලන අය වෙනත් ආර්ථික ක්‍රම හෙවත් ධනවාදය ඉහලින්ම ක්‍රියාතිමකවන ආර්ජන්ටිනාව, පේරූ , ඉක්වදෝරය හෝ පකිස්ථානය, චාඩ්, හයිටිය, ලිබියාව, ඊජිප්තුව ආදී අනිකුත් රටවල් දෙසද බලන්න. ඒවායේ තත්ත්වයද අර්බුධකාරීවේ.
කියුබාව ලොකයේ හොඳම සෞඛ්‍යය සේවාව සහිත රටකි. අපේ රටද ඇතුළුව ඕනෑම රටක වෛද්‍යයවරු හිඟයක් වෙතොත් කියුබාව ඒ රට වලට වෛද්‍යයවරුන් හා සෞඛ්‍යය සේවකයන් යවන්නට සමත්ය. ඒ කියුබාවෙ ජනගහනයට අදාලව වෛද්‍යයවරුන්ගේ අනුපාතය වැඩිම රටක් නිසාවෙනි. රටවල් වල ස්වභාවික ආපදා හා වසංගත තතිත්වයන්හිදී මුලින්ම ඒ රටවලට පිහිටවෙන රටද කියුබාවයි. අප්‍රිකානු එබෝලා හා කෝවිඩ් වසංගතයේදී ධනවත්ම රටක්වන ඉතාලියට උදව්කලේත්, වෙනත් බොහෝ රට වලට උදව් කළේත් කියුබානු වෛද්‍යය කාර්යය මණ්ඩලයි.
කියුබාවෙ ඒක පුද්ගල ආදායම 2020 දී ඇ. ඩො. 9400 අධික අතර ශ්‍රී ලංකාවේ එය ඇ. ඩො. 3000 ට මඳක් වැඩිය. 2022 කෝවිඩ් වලට පසු කියුබාව ඇ. ඩො. 7000 ට වැඩි අතර ශ්‍රී ලංකාව ඇ. ඩො. 3000 ගණනකි. අළුත්ම වාර්ති අනුව 2023 කියුබාවේ එය ඇ.ඩො. 7449.68 කි ලංකාවේ ඇ. ඩො. 3884 කි. බංකොලොත් භාවය ප්‍රකාශිත ලංකාවේ අපිට කියුබාවට ඇඟිල්ල දික්කල හැකිද යන්න අප සිතා බැලිය යුතුය.
කෝවිඩ් වසංගතය අවස්ථාවේදි අමරිකානු සම්බාධක නිසා කියුබාවට එන්නත් හා වෛද්‍යය උපකරණ මිලදී ගැනීම අපහසුවිය. ජර්මනියෙන් මුදල් ගෙවා මිලදීගත් ස්වසන උපකරණ වල සැපයුම පවා ට්‍රම්ප් රජය නවත්වනු ලැබීය. නමුත් කියුබාව එයට ප්‍රතිචාර වශයෙන් හිඟා කෑවේ නැත. ඔවුන් සිය බයොටෙක්නොලෙජි විලෙජ් හි අනෙකුත් එන්නත් නිෂ්පාදනය මඳකට නතර කොට. වසරක් අතුළත කෝවිඩ් වෛරසයට එරෙහි ජාත්‍යන්තර මට්ටමේ එන්නත් වර්ග 5 ක් නිර්මාණය කොට නිෂ්පාදනය කළේය. ඉන් එකක් කුඩා දරුවන්ට විශේෂිත එන්නතකි. එමඟින් ඔවුන් මුළු ජනගහනයම එන්නත් කරවා කුඩා දරුවන්වද එන්නත් මඟින් ආරක්ෂා කරගති. එම එන්නත් ආජන්ටිනාව, මෙක්සිකොව ඇතුළු ලතින් අමරිකානු රටවලට අපනයනයද කරන ලදී. ලංකාවෙ අපි කෝවිඩ් වලට එරෙහිව නිෂ්පාදනය කළේ මොනවාද යන්නත් නැටූ නාඩගමුත් අපිට තවම අමතක නැත. ඒ අතර මිලියන ගණනක්වූ ලෝකයෙ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාවූයේ කියුබාවට සම්බාධක පනවන ඇමරිකාවෙනි.
දශක ගණනක් තිස්සේ කියුබාවේ ලදරු මරණ සංඛ්‍යාව කියුබාවට වඩා දියුණු පොහොසත් ඇමරිකාවට වඩා අඩුය. කියුබාවෙ බඩගින්නෙ මියයන මිනිස්සු නැත. ළමා මන්දපෝෂණය නැත. පාරේ හිඟමන් ඉල්ලන අසරණයො නැත. සාක්ෂරතාවය 99.7% කි, (අනෙක් ලතින් අමරිකානුවන් හා සසඳන්න).
මෙමඟින් කියුබාව සුරපුරක් යයි කීම අදහස් නොකෙරන අතර එය අනෙකුත් ආර්ථික ක්‍රමවේදයන් වලින් පීඩිත බොහෝ තුන්වෙනි ලෝකයේ රටවලට වඩා හොඳ ජීවන රටාවක් සහිත රටක් හැටියට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබෙන බව කියමි.
කරුණාකර කියුබාවේ ප්‍රශ්න කථා කරනකොට ජන ඝාතක ඇමරිකානු සම්බාධක අමතක නොකරන්න. ඒත් සමඟම එවන් සම්බාධක අවුරුදු 60 ක් තිස්සේ තව තවත් දැඩි කරමින් නොපැවතුනානම් කියුබාව අද කොතැනක වේදැයි සිතන්න. කියුබාව දැඩි සම්බාධක මැද වුවත් කාටවත් බැගෑපත් නොවී හිස කෙළින් තබාගෙන සිටින ධෛර්යය සම්පන්න, අභිමානවත් තුන්වන ලෝකයට ආදර්ශමත් රටකි.
FB