බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:36

අනුරපුර විනිසුරු නිල මැදිරියකදී ගිනි අවියක් පත්තුවේ Featured

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ අද පස්වරුවේ ගිනි අවියක් පත්තුවී (ක්‍රියාත්මක වී ) ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාලව, නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තබන අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.අධිකරණ සේවිකාවන් දෙදෙනෙකු විසින් අදාල මුද්‍රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස පත්තු වී තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිසිය, ගිනි අවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහේස්ත්‍රාත්වරිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇත.මෙම සිද්ධියෙන් කිසි වෙකුටත් තුවාල සිදුව නොමැත.

 DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website