සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:28

ශ‍්‍රී ලංකාව තුර්කියට ආධාර යවයි… Featured

විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික අංශය එක්ව මේ මොහොතේ තුර්කි ජනතාවට ලබාදිය හැකි අත්‍යවශ්‍ය මූලික පහසුකම් හා ශ්‍රම දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් තුර්කි ජනතාවගේ සහායට කඩිනමින් යැවීමටත්, රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමටත් එහිදී සැලසුම් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

සිරියාව සඳහා වූ මානුෂීය ආධාර ද ලෙබනනය හරහා ලබාදීමේ හැකියාව පිළිබඳව මෙහිදී කතිකා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යංශ ලේකම්වරු, සභාපති වරු, පෞද්ගලික ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website