සදුදා, 13 පෙබරවාරි 2023 20:12

මැතිවරණයක් අවශ්‍ය නෑ… ගොවියා ශක්තිමත් කල යුතුයි… Featured

රටේ දැනට පවතින ආර්ථික අර්බුධයත් සමග පළාත් පාලන මැතිවරණයක් අවශ්‍ය නොමැති බවත්, පිඩාවට පත් වි සිටින ගොවියා ශක්තිමත් කිරිමට සියළු පාර්ශවයන් එකතු වි කටයුතු කල යුතු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (12) දින නුවරඑලියේදි මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පසුගිය වසර කිහිපය තුල රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම හමුවේ රටේ වි ගොවියා සහ එලවළු ගොවියා දැඩි පිඩාවට පත් වි සිටි බවයි.

දැනටත් එම ගොවින් දැඩි පිඩාවට පත් වි ඇති නිසා පාට පක්ෂ භේදයකින් තොරව සියළු දෙනා එකට එකතු වි රටේ ගොවියා ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවයි.

පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් යලිත් මේ රට තුල ඉන්ධන , ගෑස් , විදුලිය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහල යන බවත්, ඒ තුලින් පිඩාවට පත් වන්නේද රටේ සමාන්‍ය ජනතාව සහ ගොවින් බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website