Items filtered by date: සැප්තැම්බර් 2023

ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට කඩිනමින් ස්ථිර තැපැල් ලිපින ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, නුදුරේදීම එකී කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් තැපැල්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවසීය.

බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 09:53

ආවොත් වැඩ නාවොත් දොට්ට

වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවත් දන්වමින් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට වසර හතරහමාරකට පෙර මෙරට කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන හතක් ඉලක්කකොට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉකුත් සතියේ සිට නැවත මෙරට ජන සමාජය තුළ කතිකාවතකට පාත්‍රවිය.

ව්ලැදිමීර් පූටින්ට සහ කිම් ජොං අන් අතර සමානකම් රැසක් තිබේ. දෙදෙනා ම වැඩිපුර එළිපහළියට නොයයි. රුසියානු නායකයා මේ වසරේ දී එරටින් පිටතට ගොස් නැත. කිම් සම්බන්ධයෙන් ගත්කල එය වසර හතරකි.

බදාදා, 13 සැප්තැම්බර් 2023 13:14

ජනපතිගේ වැඩ බලන්න ඇමැතිවරු 04ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපති යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (13දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර ඇත.

අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට බලපාන පරිදි සරල කළ අගය එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

චැනල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණන ලද වීඩියෝවලින් බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බවද හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බුද්ධි නිලධාරී සලේ නොවන බවත් සලේ යනු තවත් එක් ඉත්තෙක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ඉන්දියනු හා සිංගප්පූරු බුද්ධි අංශ බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගේ පවුල්වල අය එකතු වී මෙම ප්‍රහාරයට සම්බන්ධ අයගේ අය පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

 

 

CN

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website