Items filtered by date: මැයි 2024

වැරදි කළමනාකරණ තීන්දු තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ජනිත කරන ලද ණය බර නිසා රාජ්‍ය බැංකු තුළ නිර්මාණය වූ මෙම ණය බරින් ඔවුන් නිදහස් කරනු වෙනුවට ඒ බර ඔවුන් මත පැටවීම එම බැංකුවල සැබෑ අයිතිකරුවන් වන ජනතාවට එරෙහිව කරනු ලබන සාහසික අපරාධයක් බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

  • ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි.

මෙරට පළමු වරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් (17) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විනි.

රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමෙ මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 243ක් දක්වා ඉහළගොස් ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website