Editor

Editor

ප්‍රවීණ නර්තන ආචාර්ය කලා ශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.

අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වූ බෝම්බ තර්ජන හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළවල් හයකින් හා සංචාරක ආකර්ෂණය දිනූ වර් සේලෙස් මාළිගයෙන් ජනතාව හා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පෙරේදා (18 දා) පියවර ගෙන තිබේ.

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:25

බයිඩන් එන විටම රිෂී ඊශ්‍රායලයට

ඊශ්‍රායලයට සහාය පළ කිරීම සඳහා පෙරේදා (18 දා) එරට සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරටින් නික්ම යද්දී එංගලන්ත අගමැති රිෂි සුනක් ද ඊයේ (19 දා) ඊශ්‍රායලයට සහය පළ කිරීම සඳහා එරටට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:23

අය වැය ගැන නිවේදනයක්

2024 අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය.

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:21

පොලිස්පති ලිපිය මගෙ අතේ

වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ලිපිය තමා වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් ඇමැති ලියු කුං මහතා පැවසීය.

මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 24 ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය රෝහලකට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එහි සිටි පන්සියයකට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website