ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යංශය විසින් එම බදු අයකිරීම ප්‍රථම නිවාසයෙන් නොව කුලියට ලබාදී ඇති නිවාස වලින් පමණක් අයකරන බව නිවේදනය කළද එය පිළිනොගන්නා බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන අගරදගුරුතුමන් එම ප්‍රහාරයට ලක්වූවන්ට බෙදා දීම සඳහා විවිධ දානපතියන් ලබාදුන් ආධාර මෙතෙක් කිසිවක් බෙදාදීන් නැතැයි හිතපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් - ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශනය විවෘත කරමින් ජනපති කියයි
චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබෙයි
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 වසරේ අප්‍රේල් සිට බලාත්මක කිරීමට නියමිත දේපළ බද්ද තුළින් අවධානය යොමු කරනුයේ සාමාන්‍ය ආදායම් ලබන්නන් නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය ඊයේ (17දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි