ආර්ථික සහ සංවර්ධන පුවත්

සදුදා, 12 පෙබරවාරි 2024 08:31

ජනපති අරමුදල පුළුල් කරයි

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි.

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවද, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාසල් හැරයන, පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව දෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

සෙනසුරාදා, 10 පෙබරවාරි 2024 09:12

අක්‍රීය ණය ප්‍රමාණය 13 % කින් ඉහළට

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා අද අත්සන් කළේය.

සිකුරාදා, 09 පෙබරවාරි 2024 09:59

ආර්ථික අර්බුදය කර්මාන්ත රැසක් වසයි

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය.

බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:36

ඉක්මන් කරන්නැයි ලෝක බැංකුව කියයි…

ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය සඳහා වන දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඩිනා උමාලි ඩිනින්ගර් (DINA UMALI DIDIENINGER ) මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් සහ වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරයි.

කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැඟිල්ලක්, රැස්වීම්වලට නව අරුතක් එක්කරමින් ආකර්ෂණීය ‘එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය’ ලෙස පරිවර්තනය කර එළිදැක්වීම එක්සෙල් වර්ල්ඩ් සාඩම්බරයෙන් නිවේදනය කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website