ආර්ථික සහ සංවර්ධන පුවත්

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය.

ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන පිය­වර අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කළ­ම­නා­ක­රණ සහ සම්පත් පිළි­බඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහ­තාගේ ඇග­යී­මට ලක් විය.

ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මෙසේ උද්ධමනය නුදුරු කාලීනව අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ඉහළ යනු ඇත.

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳ පොළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බදාදා, 21 පෙබරවාරි 2024 10:57

Amul-Milco ගිවිසුමකට එළැඹෙනවා..- ජනපති

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී’ (තීරු­බදු රහිත) වෙළෙඳසල එළ­ඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නග­රයේ දී විවෘත කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ.

අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 08:50

ඉන්දි­යානු ලොකු ලූනු යළි මෙර­ටට

අප­න­ය­නය කිරීම නවතා දමා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ලූනු නැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක් බිහිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website