ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු දක්වන සංවාදයක් 2024 ජූලි මස 24 වන බදාදා සවස 3.00  සිට 6.30  දක්වා කොළඹ 05, තිඹිරිගස්යාය,පයිෆ් පාර, ජානකි හෝටලයේදී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා පැවසීය.

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

පිරිවෙන් හා උ.පෙළ තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5,000ක්

පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­තිය සඳහා රු. කෝටි 3,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක) ආධා­ර­යක් පිරි­නැ­මී­මට ඔපෙක් අර­මු­දල එක­ඟ­තාව පළ කර තිබේ. එවැනි මුද­ලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වශ­යෙන් දිනා­ගත් විශ්වා­සයේ ප්‍රති­ඵ­ල­යක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website