මේ දිනවල වෙළෙඳපොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලියවිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.
කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.
මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්‍රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්
ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඉදිරි ඔක්තෝබර් මාසයේ සිට මෙරටට වාහන ආනයනය ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර සිටිති.
ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා සඳහන් කරයි.