නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට 26 පස්වරු දක්වා විදුලි බිද වැටීම් 467500 ක් වාර්තා වී ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.
ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක කාලකන්නි පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ.
රටපුරා බලපැවැත්වෙන අධික වැස්සත් සහිත මෝසම් සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසකට ගස් කඩා වැටීමෙන් හා නොයෙකුත් අන්දමින් හානි රැසක් සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි .