එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කෙළේය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්,
ඉකුත් අප්‍රේල් මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 4.1කින් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 848.6ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.
සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමගිය සඳහා තේ සංස්කෘතික වැඩසටහන් අද පෙරවරුවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මරීනෝ බීච් හෝටලයේදී ආරම්භ විය.
ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම,
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සඳහන් කළේය.
හන්තාන ප්‍රදේශයේ අක්කර විසි දෙකක් ජාවාරම්කාර කණ්ඩායමකට අත යට ගණුදෙනුවක් හරහා ලබා දීමට කටයුතු සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.
තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන 1663 මුදලක් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු වුවද වෛද්‍ය සැපයුම් අංශය එම මුදල අයකර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.