ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතිබව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වේ.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.

තමන්ටත් තමාගේ ව්‍යාපාරයටත් අසත්‍ය තොරතුරු හා මඩ ප්‍රහාරයන් එල්ල වෙමින් ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා සඳහන් කරයි.

දිනෙන් දින උඩරට එළවළු වර්ගවල මිල ගණන් පහත බැසීම හේතුවෙන් තමන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ එළවළු ගොවීහු පවසති.

සිංහල හිංදු අවුරුදු සමය තුලදි සමහර කූට වෙලදුන් පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට පියවර ගැනිමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2024 11:04

තැඹිලි ගෙඩියක් 300යි..

තැඹිලි ගෙඩියක් රුපියල් 300ක් තරම් ඉහල මිලකට වවුනියාව වෙළෙඳ පොළේ අලෙවි වෙයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website