ආර්ථික සහ සංවර්ධන පුවත්

සුළු දෝෂ සහිත බස්රථ 770ක් ඩ්පෝ වල ගොඩගැසී ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

වැරදි කළමනාකරණ තීන්දු තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ජනිත කරන ලද ණය බර නිසා රාජ්‍ය බැංකු තුළ නිර්මාණය වූ මෙම ණය බරින් ඔවුන් නිදහස් කරනු වෙනුවට ඒ බර ඔවුන් මත පැටවීම එම බැංකුවල සැබෑ අයිතිකරුවන් වන ජනතාවට එරෙහිව කරනු ලබන සාහසික අපරාධයක් බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙරට පළමු වරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් (17) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විනි.

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවත්,

ශ්‍රී ලාංකිකයන් යුක්‍රේන රුසියානු යුද්ධයට කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

දකුණු පළාතේ මෙවර ඉහළ අඹ අස්වැන්නක් ලැබි තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website