ආර්ථික සහ සංවර්ධන පුවත්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෙනසුරාදා, 01 ජූනි 2024 09:22

කුරුදු මිළ ඉහළට…

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පැවසීය.

සිකුරාදා, 31 මැයි 2024 10:32

බිත්තර කෑම ඉහළ ගිහිල්ලා

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 13:58

තායිලන්තයට Free Visa

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ.

බදාදා, 29 මැයි 2024 13:42

කදුකර දශකයට මිලියන 9410ක්..

කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා මේ වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 10,000 ක මුදලින් න් මිලියන 9410 ක් ම සංවර්ධන ව්‍යාපෘති සදහා දිස්ත්‍රීක් ලේකම්වරුන් වෙත මුදාහැර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබෙයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website