දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන ජූලි අටවෙනිදා සිට වසා දැමීමට සැලසුම් කර තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස ඉදිරි මාස දෙකක කාලය තුළ ඉදිකිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් හෙට (ජූනි 3වැනි දා) සිට භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.