ආර්ථික සහ සංවර්ධන පුවත්

විදුලි බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවලට අදාළ විදුලිය සම්බන්ධතා විසන්ධි කළ යුතුය යන ස්ථාවරයේ තමන් නොසිටින බව පැහැදිලිව ප්‍රකාශ කරන බවත්, එය විසඳා ගැනීමට මහා භාණ්ඩාගාරය සහ විදුලිබල අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

කුඩා තේ වතු හිමියන් සඳහා වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් අද (10) පෙරවරු 08.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඖෂධ මිල වැඩි වීම නිසා රට තුළට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන ඒමේ අඩුවක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඊයේ (08 දා) පැවසීය.

ඉඟුරු මිළ වාර්තා ගත ලෙස ඉහළගොස් ඇතිබව ඉඟුරු වගාකරුවෝ පවසයි.

ඉරිදා, 07 ජනවාරි 2024 09:46

ලංවීමට කෝටි 8000ක ලාභයක්

පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට වඩා ලාභයක් වාර්තා කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවාවන් සැලසීම පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් යාපනය කොණ්ඩාවිල් හි පිහිටි උතුරු ප්‍රාදේශික කාර්යාලයේ සහ යාපනය ඩිපෝවේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.

සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:05

පාවිච්චි කල වාහනවලටත් බදු…

මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය විසින් මෝටර් රථ ආනයනයට යළිත් සීමිත අවසරයක් ලබා දෙනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටී.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website