ආර්ථික සහ සංවර්ධන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.එහි නව මිල රුපියල් 366කි.

හෙට දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

සෙනසුරාදා, 30 දෙසැම්බර් 2023 13:01

උද්ධමනය තවත් ඉහලට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වගා ඉඩම් වල සේවය කිරීම සදහා කම්කරුවන් නොමැති වීම විශාල ගැටලුවක් වී ඇතිබව ඉඩම් හිමියන් පවසයි.

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:08

ඉන්ධන සහ ගෑස් වලට වැට් වදින හැටි

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද පැවසුවාය.

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:22

රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:17

රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නන්තල් උත්සවය හා උදුවප් පොහෝ දිනය එක ලග යෙදීමෙන් ලැබුනු දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුවත් සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විදගන්නට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල ජනකායක් නුවරඑළිය නගරයට හා නුවරඑළිය නගර ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැමිණ ඇති බව

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website