ආර්ථික සහ සංවර්ධන පුවත්

බදාදා, 13 දෙසැම්බර් 2023 10:56

බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක්

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:53

වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:44

ලොකු ලුණු මිල වැඩිවෙයි

ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉරිදා, 10 දෙසැම්බර් 2023 10:11

ජනවාරියේ විදුලි බිලේ වෙනසක්

වර්ෂාව ලැබීමත් සමග ජල විදුලි උත්පාදනයෙන් විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගනිමින් විදුලි බිලට ලබන මාසයේ දී ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ආධාර ලෙස ලබාදී තිබෙන රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඖෂධ කන්ටේනර් දෙකක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්. එම්. ආර්. ඒ.) අඩුපාඩුවක් නිසා නිදහස් කර ගැනීමට නොහැකිව රේගුවේ සිර වී ඇතැයි රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියෝ කියා සිටිති.

සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:51

ශ්‍රී ලංකන් ගන්න හත් දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුවන්යානා ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම හා ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ කටයුතු පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට තීරණය කළ බව වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට වුවමනාවක් ඇත්නම් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ඇති බවත් උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website