නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය අන්තර්ජාල ගිණුමේ (බයිනෑන්ස් වොලට්) තැන්පත් කරගෙන ඇතැයි
ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය.
තැලසීමියා ඇතුළු රෝග රැසකට අවශ්‍ය ඖෂධ වර්ග 252 ක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (19 දා) පැවසීය.
ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර ඇත්තේ ජනතාවට සහන ලබාදීමට නොව ඡන්දයක් ළඟ නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී මහ බැංකු සේවකයන් සෙසු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට වඩා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇතැයි වෘත්තිය සංගම් චෝදනා කරයි.
ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් කෝටි 14,880ක (අමෙරිකානු ඩොලර් මිලියන 488ක) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර තිබේ.
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ජනවාරි මාසයේ අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 4,500ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.