ලෝක වෙළෙඳපොළේ රන් මිල මාස හයකට අධික කාලයකට පසුව අමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීය.
කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයාද කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න
පසුගිය 2023 ඔක්තෝබර් මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ, ඩොලර් මිලියන 517.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.