ආර්ථික සහ සංවර්ධන පුවත්

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්නේ නම් වතු කම්කරුවන්ටද වැටුප් වැඩි කල යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පැවසිය.

රජය විසින් ඉඩම් සඳහා වන බද්දක් පැනවීමට සුදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලි ගාස්තු ඉහළ දමා දින දහයකදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි තුන්සියයක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:14

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න….

අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහල දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 11:02

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ හැටි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.

සෙනසුරාදා, 04 නොවැම්බර් 2023 10:48

ඩොලරය රු. 334 පනී

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (3 දා) දිනයේදී රු. 334 ද ඉක්මවා ගියේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්‍රදානය කළේය.

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:43

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක්

පනත් කෙටුම්පත ගැසට් කෙරේ

බලපත්‍ර නැති මූල්‍ය ගනුදෙනුවලට වැටබඳී
වරදක් කළොත් වසර 5ක් හිරේ
දඩය මිලියන 5යි

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:40

දේශපාලන රැකවරණ මැද OnmaxDT ලොක්කන් රටින් පනී…?

පිරමිඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වන OnmaxDT ආයතනයේ ප්‍රදානීන් රටින් පළා යාමට උත්සාහයක් ඇති බව එම සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත් වූවන්ගේ සංයමය කියා සිටියි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website