ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වාර්ෂික සංසරණය සඳහා නිකුත් කළ මුදල් කාසි හා නෝට්ටු ප්‍රමාණය 2018 වසරට සාපේක්ෂව මේ වන විට සියයට 50කින් පමණ අඩු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

සිකුරාදා, 18 අගෝස්තු 2023 14:50

බඩඉරිඟු බදු අඩු කරයි

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:11

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් මස විසි වැනිදා වන විට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී රබර් සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අඟහරුවාදා, 15 අගෝස්තු 2023 18:13

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයම පාඩුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දී රුපියල් බිලියන 2.1 ක ශුද්ධ පාඩුවක් ලබයි.

මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි.

සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:05

බිත්තර අඩු මිලට දෙන හැටි

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website