ආර්ථික සහ සංවර්ධන පුවත්

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:41

අපනයන ආදායම අඩුවේ

පසුගිය වසරේ ( 2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඉරිදා, 24 සැප්තැම්බර් 2023 11:22

සයිනොපෙක් ෂෙඩ් 50ක්

චීන සයිනොපෙක් සමාගම මේ වනවිට රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් පනහක ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited විසින් රුවන්ඩාවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වන Unguka Bank PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට කටයුතු කර තිබේ.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:15

ලෝක ආහාර සංවිධානයේ ආහාර මල්ල ගන්න පෝලිම්..

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභි පවුල් , අබාධිත , අසරණ පවුල් වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ආහාර මළු බෙදා දිම 19 දින සිට ආරම්භ කරනු ලැබුහ.

එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක බව එක්සත් ජනරජ පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපතිතුමා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

මෙම වසරේදී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:22

පෝට් සිටි අවන්හල් වෙත නිවේදනයක්

2027 වසරේ මාර්තු වන විට කොළඹ වාරය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේ.

මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 09:57

කම්කරු ඇමැති අද EPF වෙත දුන් සහතිකය

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website