ආර්ථික සහ සංවර්ධන පුවත්

පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවක් සඳහා විශේෂ බදු විධිවිධාන යටතේ රජය කිලෝවක් සඳහා රුපියල් පහලොවක බද්දක් අය කරන අතර එය ටොන් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසකි.

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් නැවතී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් වෙනත් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ද ඇනහිට ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදි සදහන් කරයි.

රුපියල් කෝටි පනස් පහක් වැය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරියේ ඉදිකර තිබෙන ජනජය සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව)ය.

සෙනසුරාදා, 22 ජූලි 2023 10:37

බෑලු අනේ – ඇමැති නලින් කියයි

පාන් පිටි මිල තවදුරටත් අඩුකිරීමට නොහැකි බව අදාළ තිරිඟු පිටි සමාගම් තමාට දැනුම්දුන් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

සෙනසුරාදා, 15 ජූලි 2023 12:43

බණ්ඩි පොහොර 1000කින් අඩු වෙයි

අද සිට (15 දා) බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පි. පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය වසරක කාලය තුළ පමණක් ලියාපදිංචි නැති ඖෂධ වර්ග 785 ලංකාවට ගෙන්වා ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website