ආර්ථික සහ සංවර්ධන පුවත්

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය Lanka Hopitals Dignostics දකුණු ආසියානු කලාපයේ විශාලතම පහසු ගෙවීම්’ (Buy Now – pay later) දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile APP) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියේය.

අද (17 වනදා) පෙරවරු 7.00 සිට ජූනි 18 වනදා පෙරවරු 5.00 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

මෙරට රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනයක්(SustainableDigital Transformation)ඇති කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්,ධාරිතා ප්‍රවර්ධන මූලෝපායක්(Capacity Building Strategy)ක්‍රියාත්මක කෙරේ.

මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් නිකුත් කර ඇති වවුචර් පත් සියයට 90කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රජයේ ආරාධනයක් මත ශ්‍රීලංකාව හා බ්‍රසීලය අතර සීනී නිෂ්පාදනය හා බැඳි කරුණු සොයාබැලීම සහ අධ්‍යනය කිරීම සඳහා බ්‍රසීලයේ සීනි නිෂ්පාදනයට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් පිරිසක් ඉකුත් (13) වෙනිදා ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

පාස්කු දා ප්‍රහාරයත්, කොරෝනා වසංගතයත් හේතුවෙන් අඩාළ වූ තමන්ගේ වෙළෙඳාම් කටයුතු මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු නැත්තටම නැතිවී ගිය බව බටලීයේ කජු ලියන් පවසයි. කජු වෙළෙඳාම සියයට 90කින් පමණ පහත වැටී ඇති අතර,

ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මඟින් අවශ්‍ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website