ආර්ථික සහ සංවර්ධන පුවත්

මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මුළු ආසියාවටම වී වගා කර කන්න දුන්නෙ ශ්‍රී ලංකාවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම චීනයේ ප්‍රතිචාරය මත රඳා පවතින බව, මුදල් අමාත්‍යාංශය පවසයි.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

2023 යල කන්නය සඳහා පොහොර ආනයනය ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර පවසනවා.

පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පුළුල් අයවැය පරතරයක් පවත්වාගෙන යමින් එය පියවීමට අඛණ්ඩ ව ම ණය ගැනීම නිසා එය නිෂ්පාදන ආර්ථිකයට එකතු නොවීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය හටගත් බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ, නිෂ්පාදන ආර්ථිකය යනු උදලු දෑකැති අරන් කුඹුරට බැසීම ය, වැනි ලඝු අර්ථකථනයකට සීමා නොවී තාක්ෂණයත් සමග ගළපා ගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙසින් එය භාවිතයට ගෙන විසඳුම් සෙවිය යුතු බවයි.

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සෙසු රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගීතාවයෙන් රටේ පවතින ආර්ථික අර්බුදය සඳහා තාක්ෂණය පාදක කරගනිමින් කෙටි ,මධ්‍යම හා දීර්ඝකාලීන ලෙස ඊට විසඳුම් ළඟා කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව සිව්වන සහ පස්වන තාක්ෂණික විප්ලවය හෙවත් INDUSTRY 4.0 සහ 5.0 සංකල්පයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website