ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

සෙනසුරාදා, 15 ජූලි 2023 12:43

බණ්ඩි පොහොර 1000කින් අඩු වෙයි

අද සිට (15 දා) බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පි. පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය වසරක කාලය තුළ පමණක් ලියාපදිංචි නැති ඖෂධ වර්ග 785 ලංකාවට ගෙන්වා ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි.

ගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් කියයි.

12.5Kg - රු. 2982

5Kg - රු. 1,198

2.3Kg - රු. 561

වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා සිටියේය.

අඟහරුවාදා, 04 ජූලි 2023 10:28

ගෑස් මිල රු. 3000ටත් වඩා අඩු වෙයි

මූල්‍ය අර්බුදයට පෙර තිබූ මිලටම එයි

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000ට වඩා අඩු මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හෙට (05) සිට හිමිවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website