ආර්ථික සහ සංවර්ධන පුවත්

රජය සහ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

විදේශ විනිමය ගමට ගෙන එන තබ්බෝවේ දුම් කරවල බොහෝ පිරිසකගේ කෑමපතට රස එක් කරයි. තබ්බෝවේ දුම් කරවල සඳහා මේ දිනවල වැඩි ඉල්ලුමක් පවතින අතර, එයට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ එම කරවල අව්වේ වේළා නොගෙන ඍජුවම දුම් මැස්සක් උපයෝගි කරගනිමින් දුමේ වේළීමේදී ඇති වන පෝෂණීය ගුණය සහ අධික රසයයි. මේ නිසාම ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇත.

- නිශ්චල දේපළත් ඇපයට: වීසා දීම තරගාවලියට පමණයි

- ජාතික ක්‍රීඩා සභාපති අර්ජුනගෙන් යෝජනා මාලාවක්

පසුගිය කාලය තුළ ගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල අඩු වීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත් වීම යන කරුණු අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වේගයෙන් අඛණ්ඩව පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මස නවතම වාර්තා මඟින් සදහන් කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා 'දිනමිණ'ට පැවසීය.

ආදායම ලක්ෂ 5ක් දක්වා වැඩි කරන්න වැඩපිළිවෙළක්
කෘෂි ව්‍යාපෘතිවලට උතුරේ තරුණයන්ට ඉඩම් අක්කර 8000ක්

ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක සහ බනිස්, මාළුපාන්, රෝල්ස්, පැටිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

අඟහරුවාදා, 20 ජූනි 2023 09:46

සිමෙන්ති ආනයන බදු ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website